දකුණු ආසියාවේ විශාලතම ඔන්ලයින් දැනුම් පෙරළියට එක්වෙන්න

Roar සිංහල ඔබ වෙත ගෙනෙන කාලීන, ඉතිහාසය, ක්‍රීඩා, කලාව, විද්‍යාව, සොබාදහම, චාරිකා ඇතුළු කරුණු පිරි, රසවත්, සරල ලිපි කියවන්නට ඔබ කැමති ද? එම තොරතුරු ජාලයට තව තවත් දැනුම ගෙනෙන, අලුත් අලුත් මාතෘකාවලින් අලුත් ලිපි එකතු කරන්නට ඔබටත් සම්බන්ධ විය හැකියි!


ඔබ ආරාධිත රචකයෙකු ලෙස අප හා එක්විය යුත්තේ ඇයි?

ඔබේ විෂයයේ ප්‍රවීණ රචකයෙකු වන්න

ඔබ දැනුමැත්තෙකු වන ක්ෂේත්‍රයේ ප්‍රවීණ රචකයෙකු ලෙස අන්තර්ජාලයේ සිංහලෙන් කියවනා පාඨකයින් අතර නමක් දිනාගන්න. ඔබ අධ්‍යයනය කරන, රැකියාවේ යෙදෙන, ප්‍රිය කරන විෂයය පථයේ දැනුම මුළු Roar සිංහල පාඨක ජාලය සමගම බෙදාගන්න.

ඔබේම ලේඛක අනන්‍යතාවක් ගොඩනගා ගන්න

ඔබ සතු දැනුම, ඔබ සතු කතාන්දර ඔබටම අනන්‍ය වූ ශෛලියකින්, ඔබටම අනන්‍ය වූ වහරකින් ලෝකයට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්තේ, දුටු පමණින් “මේ අර තැනැත්තාගේ ලිපියකැ”යි අන්තර්ජාලයම හඳුනාගනු ඇති මට්ටමේ ලේඛක අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටම මිස වෙන කවරෙකුට ද?

ඔබ වටා පාඨක සමූහයක් රැස් කරවාගන්න

ඔබේ ලිපියක් වෙබ් අඩවියේ පළවනතුරු පුල පුලා බලා සිටිනා පාඨක සමූහයක් ඔබ වටා රැස් කරගන්න. ඔබේ ලිපි කියවීමට ප්‍රිය කරන රසිකයින් ඔබ වටා එකතු කරගන්න.

සයිබර් කතිකාවත්හි පුරෝගාමියෙකු වන්න

කාලීන, වැදගත් මාතෘකාවන්, අන් අය වෙතින් ගිලිහී යා හැකි මාතෘකාවන් සම්බන්ධව සයිබර් අවකාශයේ කතිකාවතක් ඇති කිරීමේ මූලික වන්න. විචාරශීලී චින්තනයක් ඇති කිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න.

සැඟව ඇති කතන්දර ලොවට කියන්න

ප්‍රසිද්ධ ධාරාවේ මාධ්‍ය ආයතනයන්ට මඟහැරෙන, මඟහරින කතන්දර ලොවට එළිකරන්න. ඔබ දන්නා අප්‍රකට තොරතුරු, අන්තර්ජාලයේ සිංහලෙන් කියවන විසල් පාඨක ප්‍රජාවක් වෙත ලියන්න.


නිතර ඇසෙන ප්‍රශ්න

මාගේ ලිපියට ගෙවීමක් සිදුකරනු ලබන්නේ ද?

ඔබේ ලිපිවලට Roar සිංහල වෙතින් ගෙවීමක් ලබාගැනීමේ අවස්ථාව ඔබට ලැබේ. ඔබ විසින් ලබාදෙන ලිපිවල ගුණාත්මකභාවය, ලිපි ලබාදීමේ වාර ගණන, සහ ඒවායින් සමාජයට සිදුවන බලපෑම සලකා බලා, ඔබේ ලිපිවලට ගෙවීමක් කළ හැකි නම් ඒ බව කතු මඬුල්ල ඔබට දැනුම්දෙනු ඇත. ගෙවීම් සිදුකරනු ලබන්නේ කතු මඬුල්ලේ අනුමැතිය සහිතව ලියන ලිපිවලට පමණි. Roar සිංහල වෙබ් අඩවියේ පලවන කුමන ලිපියට ගෙවීම් සිදුකෙරෙනවා ද යන්නෙහි අවසන් තීරණය Roar සිංහල කතෘ මණ්ඩලය සතු වේ

Roar සිංහල වෙත ලබාදිය හැකි වන්නේ කුමන ආකාරයේ ලිපි ද?

කාලීන තොරතුරු, පුවත් විශ්ලේෂණ, ඉතිහාසය, විද්‍යාව, තාක්ෂණය, ක්‍රීඩා, පරිසරය, චාරිකා, චරිත, කලාව, සෞඛ්‍ය සහ ජීවන රටා, සහ තවත් බොහෝ දෑ ඔබට Roar සිංහල වෙත ලිවිය හැකිය.

ඊමේල් මඟින් හෝ අතින් ලියූ ලිපි හෝ ලබාදිය හැකි ද?

නැත. Roar සිංහල හරහා ලිපි ලබාදීමට නම් ආරාධිත රචක කරළිය හරහා පමණක් පිවිසිය යුතු ය.

ලිපියක් පළවනු ඇත්තේ එය ලබාදීමෙන් කොතරම් කලකට පසු ද?

ලිපියක් ලබාදීමෙන් දින 14ක් තුළ, එම ලිපිය පළවනු ඇති ද, ප්‍රතික්ෂේප වූයේ ද, නැතහොත් ලිපියට යම් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය ද යන්න ඔබ වෙත දැනුම්දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් පැනනගින ගැටළු යොමුකළ යුත්තේ කාට ද?

Roar සිංහල ආරාධිත රචක කරළිය පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් [email protected] ඊමේල් ලිපිනය හරහා අප වෙත යොමුකළ හැකිය.